තත්ත්වය තවත් දරුණු අතට…! උද්ධමනය 70% දක්වා ඉහළට…! – මහ බැංකු අධිපති…

July 7, 2022 at 3:27 pm | by emanisa.lk

ඉදිරි මාසවල දී මෙරට උද්ධමනය සියයට 70 ක් දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

එය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති දැඩිකර ඇති බවයි, අද (07) පැවැති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.5 යි බිංදුවක් දක්වා ඉහළ දමා ඇත.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50ක් ලෙස ඉහළ දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *