උද්ධමනය වේගයෙන් ඉහළට…! ඔක්තෝබර් මස 8.3%ට නගී…!

November 27, 2021 at 5:22 pm | by emanisa.lk

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට උද්ධමනය 8.3%ක් තරම් ඉහළ අගයකට වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේ වාර්තා කළ උද්ධමන අගය වූ 6.2%ට වඩා 2.1%ක ඉහළ යාමක් බවද වාර්තා වෙයි.

මෙම ඉහළ යාමට ප්‍රධානම හේතුව ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම බව ද සඳහන් වෙයි. මෙලෙස අධික ලෙස භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *