නොවැම්බර් පරදා දෙසැම්බර් උද්ධමනය ඉහළට…! කලකට පසු ඉලක්කම් දෙකේ අගයක් වෙයි…!

January 3, 2022 at 7:56 am | by emanisa.lk

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයට 12.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පසුගිය නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 9.9 ක් විය. මේ උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල සිදුවූ මාසික මිල ඉහළ යෑම් හේතුවී ඇත.

සාපේක්ෂව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 17.5 සිට සියයට 22.1 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.4 සිට සියයට 7.5 දක්වා ද දෙසැම්බර් මාසයේ දී වැඩි වී ඇත.

මේ අනුව ආහාර කාණ්ඩයේ ඇති එළවළු වර්ග, මාළු සහ අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු ඉහළ ගොස් තිබේ.එසේ ම ආහාර නොවන කාණ්ඩය තුළ ඇති ආපනශාලා හා හෝටල්, පෙට‍්‍රල්, ඞීසල්, කුලී රථ සහ ත්‍රිරෝද ගාස්තු මෙන් ම මත්පැන් හා දුම්වැටි යන අයිතමවල මිල ගණන් ද දෙසැම්බර් මස වැඩි වී ඇත.

මෙරට කලක් තිස්සේ ඉලක්කම් දෙකේ අංකයක්ව පැවැති උද්ධමනය ඉලක්කම් එකේ සංඛ්‍යාවක් බවට පත්කළේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *