වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරේ රැඳවියකු අද උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි .
එම ගැටුම අතර තුර රැඳිවියන් 440ක ආසන්න සංඛ්‍යාවක් පැන ගොස් ඇති බව ද වාර්තා වෙයි. අද උදෑසන 8ට පමණ කඳවුරේ ප්‍රධාන ගෙට්ටුව කඩා ගෙන මෙලෙස පිරිස පළා ගොස් තිබේ.
උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
සැකකටයුතු ලෙස මියගිය රැඳිවියාගේ මළ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා ගැනීමට නොහැකිව එම ස්ථානයේම තබාගෙන සිටීමට රැඳවියන් කටයුතු කර තිබේ.