ජනතා අරගලය නිසා මැයි 09 අගමැති මහින්ද රාජපක්ෂ ද ජුනි 09 බැසිල් රාජපක්ෂ ද ඉල්ලා අස් වූ බව හෙක්ටර් අප්පුහාමි පවසයි.
සජබ මන්ත්රීවරයා පවසන්නේ ජුලි 09 වෙනිදා වන විට ජන හඬට ඇහුම්කන් දී ගෝඨාභය රාජපක්ෂ ද ඉල්ලා අස්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධූරයක් ගත්තේ නඩු ටික ඉවත් කර ගැනීමට යැයි ඔහු පැවසූ බව ද හෙක්ටර් අප්පුහාමී ප්රකාශ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.