ජනතාව පාරට බැස තෙල්-පොහොර-ආහාර සහ ගෑස් මිස ව්‍යවස්ථා සංශෝධන නොඉල්ලන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
ජනතාව අපහසුතාවයෙන් මුදා ගැනීම සඳහා පූර්ණ අවධානය යොමු නොකර වෙන වෙන කටයුතු සඳහා කාලය වැය කිරීම අපරාධයක් බවයි, මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කර ඉන් අනතුරුව සෙසු දේවල් පිළිබඳ සලකා බැලිය යුතු බව ද සාගර කාරියවසම් සඳහන් කළේය.
ඊයේ (06) පැවැති පොදුජන පෙරමුණු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් පසු හෙතෙම මේ බව කීය.