සජිත් කපුටු ආරක්ෂක තනතුරේත් වැඩ කරනවා…!

June 1, 2022 at 2:18 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරපවසයි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක භූමිකාවට අමතරව කටුපු ආරක්ෂකයාගේ තනතුරේ ද කටයුතු කරමින් සිටින බවයි, එජාප මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

සිරිකොත එජාප මුලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවක දී රංගෙ බණ්ඩාර මේ බව කීය.

21 වන සංශෝධනයට සහය ලබා නොදෙන බව පවසමින් රට පුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බව පැවැසූ රංගේ බණ්ඩාර, රටට ආදරය කරන අයකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *