රාජ්‍ය වියදම් බිලියන 250කින් කපා හැර ජනතාවට සහන දෙන්න සූදානම්…!

May 29, 2022 at 9:48 am | by emanisa.lk

රු. බිලියන 250 කින් පමණ මෙරට රාජ්‍ය වියදම් අඩු කර ගැනීමට හැකි මාර්ග මහ භාණ්ඩාගාරය විසින් දැනටමත් හඳුනාගෙන ඇත.

දැනට මේ වසර (2022) ඉදිරිපත්ව ඇති රාජ්‍ය අයවැය වෙනුවට නව අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති අතර එම අයවැය මගින් මෙම වියදම් කප්පාදුව සිදුවීමට නියමිතය.

විශේෂයෙන් රජයේ ප්‍රාග්ධන වියදම් කප්පාදුවෙන් මේ වියදම් අඩු කිරීමට මහ භාණ්ඩාගාරය අපේක්‍ෂා කරයි. මේ අනුව විවිධ අංශවලින් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කිරීමට වෙන්කර තිබූ මුදල් ඉතිරි කරගෙන ඒවා ජනතාවට සහන ලබාදීමට යොදා ගැනීමට රජය සැලසුම් කර ඇත.

අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ ද පවසන්නේ අන්තර්කාලීන අයවැයෙන් වියදම් කප්පාදුවට ප්‍රමුඛතාව ලබාදෙන බවය. ඒ අතරම බදු ආදායම් වැඩිකර ගැනීමට අපේක්‍ෂා කරන බවද හෙතෙම කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *