නාරාහේන්පිට පොලිස් තෙල් පිරවුම්හලින් ඉන්ධන ලබා ගැනීමට ඊයේ (18) සිට අවස්ථාව ලැබිණි.
කෙසේ වුව ද එම පිරවුම්හලේ මන්ත්‍රීවරුන් සඳහා පෙට්‍රල් ලබා දෙන්නේ සාමාන්‍ය ජනතාවට මෙන් ලීටරයක් රු. 338ට නොව රු. 121.19ක් වැනි සුළු මුදලකටය.
මෙලෙස ඉන්ධන සහනාධාර ලබා දෙන්නේ සිපෙට්කො ආයතනය බිලියන ගණනින් පාඩු ලබන පසුබිමකය.