විදුලි බල ව්‍යාපෘති 144කට අනුමැතිය නෑ…! රටට අහිමි වූ විදුලිය මෙ.වො. 700ක්…!

April 24, 2022 at 10:54 am | by emanisa.lk

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2017 වර්ෂයේ සිට මේ දක්වා සූර්යබල, කුඩා ජල විදුලි බලාගාර ඇතුළු බලාගාර 144ක් ඉදිකිරීම සඳහා ආයෝජකයන්ගෙන් මුදල් හා අයඳුම්පත් ලබාගෙන ලංකා විදුලිබල මණ්ඩලය වෙත අනුමැතිය සඳහා යොමු කොට ඇතත් එම ව්‍යාපෘති සම්බන්ධව මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ප්‍රභවයන් 07ක් යටතේ ව්‍යාපෘති 144 ක් වෙනුවෙන් ඉදිරිපත් වූ අයඳුම්පත්වලට අනුව ධාරිතාව මෙගාවොට් 699.96 කි. මෙම ව්‍යාපෘති සඳහා අයැඳුම් කිරීමේ දී අයඳුම්පත් ගාස්තු වශයෙන් රුපියල් 42,233,000 ක මුදලක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලබාගෙන ඇත.

ඉදිරිපත් වන අයඳුම්පත් සඳහා අනුමැතිය ලබාදීම දිගින් දිගට ම ප්‍රමාද වී පැවතුණු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. අදාළ ආයතන දෙක අතර සම්බන්ධිකරණයේ පැවැති දුර්වලතාව මෙම ප්‍රමාදවීම්වලට මූලික හේතුව බව ද විගණනය මගින් අනාවරණය කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස