මාර්ග වසන කල්ලිවලට ගම්මුන්ගෙන් පාඩමක්..!

April 22, 2022 at 10:47 am | by emanisa.lk

මදුරන්කුලිය නගරයේ පෙට්‍ර්ල් ඉල්ලා ඊයේ (21) විරෝධතාවයේ යෙදුණ පිරිස් මාර්ග වසා දැමිමත් සමග කෝපයට පත් වු ගම්වැසියන් පිරිසක් එයට කඩා වැදි විරෝධතාකරුවන් ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලබා දුන් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

පුත්තලම – කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් සම්පුර්ණයෙන් වසා දමා විරෝධතාවයේ යෙදුන පිරිස මාර්ගවලින් ඉවත් කිරීමට මදුරන්කුලිය නගරයේ 100කට ආසන්න පිරිසක් එකවර කඩා වැදි ඉවත් කර මාර්ග ගමනා ගමනයට ඉඩ ලබා දීම පොලිසිය ද පුදුම කරන්නට විය.

මදුරන්කුලිය නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලට දින ගණනාවක සිට පෙට්‍රල් ලබා නොදිමට විරෝධය පලකරමින් යතුරු පැදි කරුවන් හා ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් ඊයේ අලුයම මාර්ග වසා විරෝධතාවක් ආරම්භ කර තිබුනී.

ඒ සමගම ක්‍රියාත්සක වු පුත්තලම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ඒ.ජයමහ හා මදුරන්කුලිය පොලිස්ථානාධිපති ගාමිණී වික්‍රමසිංහ ඇතුළු පිරිස 21 උදේ 6 ට ඉන්ධන ලබා දීමට වු  පොරෝන්දුව මත විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් වි තිබු බව කියයි.

පසුව  ඉන්ධන නොලැබිම නිසා නැවතත් උදේ 9 ට පමණ මාර්ග වසා දැමිමට කටයුතු කර තිබුනී. එහිදි ද පොලිසිය සවස 2 ට යළි ඉන්ධන ලබා දීමට වු පොරොන්දුව මත මාර්ගයෙන් ඉවත් විම සිදුව තිබේ.

නමුත් එම වේලාවෙදි ද ඉන්ධන නොලැබිම හේතුවෙන් යළි 3.00 පමණ වන විට පුත්තලම කොළඹ මාර්ගය කිසිදු වාහනයට ගමන් කිරීමට නොහැකි වන ලෙස වාහන දමා විරෝධතාවයේ නිරත වි සිටියදි එම පිරිස ඉවත් කිරීමට පොලිස් නිළධාරින් දැඩි වෙහෙසක් ගෙන තිබුන ආකාරය දැක ගත හැකි විය.

නමුත් පෙට්‍ර්ල් ඉල්ලා විරෝධතාවයේ යෙදුණු පිරිස් පොලිසියට පවසා තිබුනේ තමන්ට පෙට්‍ර්ල් ලබා දුන් පසු මාර්ගවලින් ඉවත් වන බවයි.

මේ මොහොතේ කිසිවකුටවත් සිතා ගත නොහැකි අයුරින් කඩා වැදුන ගම්වැසියන් පිරිසක් විරෝධතාකරුවන් වෙත කඩා වැදි මාර්ගයෙන් ඉවත් වී විරෝධතා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉවත් කරන බවට පැවසිමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගන්නා ආකාරය දැක ගත හැකි විය.

කෙසේ වෙතත් අදාළ විරෝධතාකරවන් බලා සිටියදීම ගම්වැසියන් මාර්ග හරස් කර තිබු වාහන ඉවත් කර සියලුම වහානවලට ගමන් කිරීමට ඉඩ ලබා දෙන ආකාරය දැක ගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස