ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි නසීර් අහමඩ් වෙත අද පරිසර අමාත්‍ය ධූරය හිමි විය.
පසුගිය මහා මැතිවරණයට පසු ගෙන ආ 20 වෙනි සංශෝධනයට නසීර් අහමඩ් පක්ෂ විය.
හිටපු නැඟෙනහිර පළාත් මහ ඇමැතිවරයා වන නසීර් අහමඩ් 2016 වසරේ සාම්පුර්හි පැවැති උත්සව අවස්ථාවකට අනාරාධිතව පැමිණ සාම්පූර් කඳවුරේ අණ දෙන නිලධාරී කපිතාන් ශාන්ත ප්‍රේමරත්නට බැණ වැදීම නිසා මහත් ආන්දෝලනයට ලක්විය.