තමන් කිසිසේත් ජනාධිපති ධූරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
පසුගියදා ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත.
පසුගිය 14 වනදා එම එම නිලධාරීන් කිහිප දෙනා ජනාධිපතිවරයා හමු වී ඇති අතර මෙම සාකච්ඡාවේ දී ඔහු ඒ බව තහවුරු කර තිබේ.
තමන් කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යැයි ජනාධිපතිවරයා ඔවුන්ට අවධාරණය කර ඇති ද වාර්තා වෙයි.