ශ්‍රී ලංකා – IMF සාකච්ඡා සාර්ථකයි…! ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවයි…!

April 12, 2022 at 1:14 pm | by emanisa.lk

බලපෑමට ලක් වූ සියලු ම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලික කාලයක් සඳහා ගෙවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය සහිතව විදෙස් ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපේක්ෂාවෙන් මෙලෙස ශ්‍රී ලංකාව විසින් ණය පියවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙරට ආර්ථික ගැලපුම් වැඩපිළිවෙළකට අනුකූල වන පරිදි ක්‍රමවත් සහ එකඟතාවන්ට අනුකූල අයුරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙනු ඇති බවයි, මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින දක්වා වූ හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වන අතර එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බව අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති පළමු වටයේ සාකච්ඡා සාර්ථක වී ඇති බව වාර්තා වෙයි. මෙම තීන්දුව ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *