පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමේ අවශ්‍යතාවක් තිබූ බව නව මුදල් ඇමති අලී සබ්රි සඳහන් කරයි.
එම කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයෙකු ලෙස තමා එය හොඳින් දන්නා බවයි ඔහු පෙන්වා දෙයි.
එහෙත් හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ඊට පෙර සිටී මහ බැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් දිගින් දිගට ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට එරෙහි බව අලි සබ්රි අනාවරණය කරයි.
ඊට හේතුව කුමක්දැයි තමා නොදන්නා බවයි, ඔහු සඳහන් කළේ.