රටට සුබ පණිවිඩයක්…! බලාගාර පෙදෙස්වලට වැසි…!

April 9, 2022 at 6:35 am | by emanisa.lk

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රි පාද නල්ලතන්නිය, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසීහු පවසති.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග අඩි 120 සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බවයි, එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ්, බගවන්තලාව යන ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.

පවතින වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යළාත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *