ජොන්ස්ටන්ගේ කාර්යාලයට මහ සෙනගක්..! වටළන්න ආ උද්ඝෝෂකයෝ පැන දුවති..!

April 6, 2022 at 8:10 pm | by emanisa.lk

අද (06) දින කුරුණෑගල ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කාර්යාලය වැටලීමට ගිය විරෝධතාකරුවන්ට අතරමගින් හැරී යාමට සිදුව තිබේ.

ඒ ඇමැතිවරයාගේ කාර්යාලය ඒ වන විටත් ඔහුගේ ආධාරකරුවන්ගෙන් පිරී තිබීම සහ හැකි නම් පැමිණෙන ලෙස පවසමින් විරෝධතාකරුවන්ට අභියෝග කිරීම ය.

මේ නිසා විරෝධතාකරුවන්ට ආපසු හිස් අතින් හැරී යාමට සිදුවිය. පසුගිය දිනවල මෙවැනි විරෝධතාවලින් ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපළවලට දැඩි හානි සිදුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *