සර් එක්ක අපට ප්‍රශ්න නෑ..සර් යන්න..! – උද්ඝෝෂකයෝ අනුරට කියති…

April 6, 2022 at 11:39 am | by emanisa.lk

“ඔබතුමා විතරයි අපි ඉස්සරහට බය නැතුව කතා කරන්න ආවේ, සර් යන්න, සර් එක්ක අපිට ගැටලුවක් නෑ.” යනුවෙන් ඊයේ 5දා පාර්ලිමේන්තුව වැටලූ උද්ඝෝෂකයෝ පිරිසක් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර දිසානායක ඉදිරියේ පැවැසූහ.

පාර්ලිමේන්තු රැස්වීම අවසන් කර මැති ඇමැතිවරුන් එළියට බසින තුරු පාර්ලිමේන්තුවේ ගේට්ටු දෙක අසල උද්ඝෝෂකයන් විශාල පිරිසක් සටන් පාඨ කියමින් රැක සිටි අතර පාර්ලිමේන්තුවෙන් පිට වන මැති ඇමැතිවරුන්ට ඉන් පිටවීමට ඉඩ නොදී දැඩි විරෝධය පළ කළ අයුරු දැකගන්නට ලැබිණි.

ඒ අතරතුර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායකගේ රථය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට මුලින් ඔහු අනුර දිසානායක යැයි හඳුනාගැනීමට නොහැකිව මේ අපේ හොරකම් කරපු සල්ලිවලින් ගත්ත වාහන, වැනි විවිධ චෝදනාවලින් අනුර දිසානායක මන්ත්‍රිවරයාගේ වාහනයට ද බාධා පැමිණ වූහ.

කෙසේ නමුත් මන්ත්‍රි අනුර දිසානායක විසින් අදාළ උද්ඝෝෂකයන් අමතා ප්‍රකාශ කළේ අපි ඔබලගේ උද්ඝෝෂණ සමඟ ඉන්නවා. ඔබලාගේ උද්ඝෝෂණයේ යෙදෙමින් මේ තියපු පියවර පස්සට ගන්න එපා යනුවෙනි.

එවිට උද්ඝෝෂකයන් ප්‍රකාශ කළේ ජනතාවට බය නැතුව ඔබ පමණයි ඉදිරියට ආවේ. ඔබත් එක්ක අපිට ගැටලුවක් නෑ, නමුත් ඔබලාගේ ආණ්ඩුවක් යටතේ හොරකම් කරන අයට දඬුවම් දෙනවාද? හොරකම වළක්වන්න පුළුවන්ද? දේපළ පවරාගන්න පුළුවන්ද ආදී විවිධ ප්‍රශ්න විමසූ අතර එවිට මන්ත්‍රි දිසානායක පැවැසුවේ තමා සතුව රාජපක්ෂ පවුල හොරාට ගත් ඉඩම් 35ක ඔප්පු සහ තවත් විශාල වංචා දූෂණ පිළිබඳ ෆයිල් ඇති බවය. ඒවගේ ඉඩම්, බලාගාර විකිණීමෙන් විශාල කොමිස් කුට්ටි රාජපක්ෂ පවුල ප්‍රමුඛ ආණ්ඩුවේ පිරිසක් ලබාගන්නා බව ඔහු කීය.

එහෙනම් ඒ ෆයිල් ප්‍රසිද්ධ කරන්න යැයි උද්ඝෝෂකයෝ මන්ත්‍රිවරයා ඉදිරියේ අවධාරණය කළහ. අනිවාර්යයෙන්ම අපේ පාලනයක් යටතේ පමණයි හොරුන්ට දඬුවම් දිය හැක්කේ. මුලින්ම මේ පාලකයන් පලවා හැරිය යුතුයි යනුවෙන් පැවැසූ විට උද්ඝෝෂණයේ නිරත පිරිස මන්ත්‍රි අනුර කුමාර දිසානායකට යාමට ඉඩ දුන්හ.

(මව්බිම)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *