හිටපු ඇමැති චමලුත් ස්වාධීන වෙයි…? පරපුරේ සාටකයත් ගලවා දමයි…!

April 5, 2022 at 6:43 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අද(05) පාර්ලිමේන්තුවට රාජපක්ෂ පවුලේ දේශපාලන සංකේතය ලෙස සැලකෙන කුරහන් සාටකය නොපැළද පැමිණ ඇති බවට වාර්තා වේ.

සාටකය නොමැතිව හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු ලොබියේ ගමන් කරන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට “සාටකය වැඩක් නැහැ. ඇඳුම නේ ඕනේ” යනුවෙන් පවසා තිබේ.

අනතුරුව හිටපු අමාත්‍යවරයා ඉදිරියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ද සාටකය නැත්තේ මන්දැයි විමසූ විට “අපි ස්වාධීනයි” යනුවෙන් පවසමින් නික්ම ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස