උද්ගතව ඇති තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා එකතු වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරයි.
ජාතික හා ගෝලීය හේතු කිහිපයක් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ, ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මෙම අර්බුදය සඳහා විසඳුම් සෙවිය යුුතු බවයි.
උපනූපන් පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා තමා සමග එකතු වන ලෙසත් ඇමැති ධූර භාරගෙන අර්බුදයෙන් රට ගොඩගැනීමට සහයෝගය ලබා දෙන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩි දුරටත් ඉල්ලා සිටියි.