පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ එළඹෙන මැයි මස පළමු වැනිදා සිට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ බහුතරයක් ගොවි ජනතාව වෙසෙන සිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ලබා දුන් පොරොන්දු සපුරාලීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
පිටු 07කින් යුත් දීර්ඝ ලිපියක් ජනධිපතිවරයාට යොමු කරමින් රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කරන්නේ සිය ගැටලු ජනාධිපතිවරයාට සෘජුව ඉදිරිපත් කිරීමට පවා තමන්ට අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත්ව ඇති බවයි.