ජනතා විරෝධය මර්දනයට ආණ්ඩුවට ඉඩදෙන්නෑ…! ජනතාව ඉදිරියෙන් පළිහක් වගේ හිට ගන්නවා…!

April 1, 2022 at 7:56 pm | by emanisa.lk

ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය තුළින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ විරෝධය මර්දනය සහ විකෘති මතවාද තුළින් විසඳීමට නොහැකි බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බව සමගි ජන බලවේ බණ්ඩාර ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කරයි.

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගී සිටින විට ආණ්ඩුව ඊට ප්‍රතිචාර ලෙස මර්දනයේ හස්තය දිගු කරන ඕනෑම විටෙක, කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තෙන් පලිහක්ව සිට ගැනීමට පසුබට නොවන බව ද මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“ජුබිලි කනුව පෙදෙසේ ජනතාව සිදු කල උද්ඝෝෂණය රටෙි වර්තමානයේ ජනතාව විඳින පිඩනයයේ පුපුරා යාමකි. මෙය ආණ්ඩුව මැනවින් වටහා ගත යුතුය. මෙි පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවෙිදනයෙන් සැබැ ගැටලුව වෙනත් දිසාවකට යොමු කිරිමට දරන උත්සාහය කනගාටුදායකය.

රට පුරා පැතිර ඇති ඉන්ධන ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර පාන පොලිම්වලට ආණ්ඩුවට විසඳුම් නොමැත. විදුලි කප්පාදුව පැය දහතුන ඉක්මවා ඇත. ජිවන වියදම අහස උසට ගොසිනි. මෙවාට ආණ්ඩුවේ විසඳුම්වලට බාලගිරි දෝෂය වැළඳී ඇත. සියලු විසඳුම් අද නොව හෙටය.

ආණ්ඩුවේ ඇමතිවරුන්ට මහමග හරස් කරමින් උත්සවවලට යාමට පවා ඉඩ නොදෙමින් ජනතාව දෙන පණිවිඩය ආණ්ඩුවට නොතේරිම ⁣රටේ අවාසනාවකි. කුඩා දරුවන් ඇකයට ගත් මව්වරුන් මේ විරෝධතාවයට එක්විය.

වැඩකරන අහිංසක ජනතාව ඊට එක් විය. මේ පිටවූයේත් පිට වන්නේත් පක්ෂ පාට නොසලකන ජනතාවගේ පීඩනයයි.ආණ්ඩුව ඒ පිළිබඳව අංශුමාත්‍රයකින්වත් සංවේදී නොවී සුපුරුදු පරිදි අන්තවාදී සංවිධාන ගැන කියමින් තව දුරටත් මෙය දේශපාලනිකරණය කරන්නේ නම් රටේ අනාගතය අඳුරෙන් අඳුරට ගමන් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *