දේශීය ආර්ථිකය ගොඩනඟන ගමන ඉදිරියටම…! කුළුබඩු අපනයනයෙන් වාර්තාගත ආදායමක්…!

March 30, 2022 at 8:44 am | by emanisa.lk

පසුගිය වසරේ ශ්‍රී ලංකාව කුළුබඩු අපනයනයෙන් රු. මිලියන එක්ලක්ෂ තුන්දහස ආදායමක් උපයා තිබේ.

එය මෙතෙක් ශ්‍රී ලංකාව කුළුබඩු අපනයනයෙන් උපයා ඇති ඉහළ ම ආදායමයි.

කුරුඳු ටොන් 18 000ක් ඇමරිකාව, මෙක්සිකෝව, පීරු ඇතුළු රටවලට අපනයනයෙන් රු. මිලියන 45839ක් ද ගම්මිරිස් ටොන් 17950ක් ඉන්දියාව, ජර්මනිය සහ රුසියාවට අපනයනයෙන් රු. මිලියන 22669ක් උපයා තිබේ.

2021 වසරේ කුරුඳු ගම්මිරිස් ඇතුළු සමස්ත කුළුබඩු අපනයනය ටොන් 62981ක් වූ අතර එය 2020 වසරට සාපේක්ෂව 41%ක මූල්‍ය වර්ධනයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස