විමල් උදය පිළ ඉරි තලයි…! අසංක සර්ව පාක්ෂික සමුළුවට…!

March 22, 2022 at 7:05 pm | by emanisa.lk

රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර ඇත.

මේ අනුව එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න ඒ සමුළුවට සහභාගී වනු ඇත. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලය පෙරේදා (21) රාත්‍රියේ රැස් වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් සකස් කෙරුණු යෝජනාවලියක් ජනාධිපතිවරයාට දැනටමත් බාර දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සඳහන් කරයි.

රටේ පවතින ප්‍රශ්නය විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි තම පක්ෂය මුලින්ම යෝජනා කළ බවත් ප්‍රමාද වී හෝ රජයේ එම තීරණයට පැමිණීම ගැන සතුටු වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මේ ප්‍රශ්නය සියලු පක්ෂ එකතු වී විසඳිය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *