මා හැදූ රට අද දැඩි අගාධයට වැටිලා..! ජනතාව දහදුක් විඳිනවා…! අලුත් සන්ධානයකින් ආණ්ඩුවක් පිහිටුවනවා…!

February 28, 2022 at 3:14 pm | by emanisa.lk

තමන් දරුවන් සේ හදපු අය අද මාධ්‍යවලට ගොස් තමන්ට අපහාස කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මෙසේ පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ශ‍්‍රීලනිප සමුළුව අමතමිනි.

“නින්දා පහස මට හොඳට හුරුයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටත් හොඳට අභියෝග පුරුදුයි. මම දරුවෝ වගේ හදපු අය අද මාධ්‍යවලට ගිහිල්ලා මට අපහාස කරනවා. කොච්චර ගැහුවත් මාව වට්ටන්න බෑ. අවුරුදු 53 දේශපාලන ඉතිහාසය මට ඔය දේවල් හොඳට පුරුදුයි.

සමහර අය මට දොස් කියනවා ආණ්ඩුව විවේචනය කරනවා කියලා. ජනතාවට තියෙන ප්‍රශ්න මම ඕන තැනක කතා කරනවා. ගොවි ජනතාව අද ඉන්නේ විශාල පීඩනයකින්. පොළොන්නරුව කියන්නේ වී ගොවියන්ගේ ක්ෂේම භූමිය. අද එකම ශෝකාලාපයක් බවට පොළොන්නරුව පත්වෙලා.

පොළොන්නරුවේ ගොවියන් ගැන පොළොන්නරුවෙන් පත්වෙච්ච ඇමතිවරු දෙන්නෙකුයි මන්ත්‍රීවරයෙකු ඉන්නවා. හැම දේටම “යර්ස් සර්” “නො සර්” කියන්න විතරයි ඉන්නේ. ගොවියන්ගේ ප්‍රශ්නේ ගැන වචනයක් කතා කරන්න ඉන්නේ මම විතරයි. මට කොච්චර ගැහුවත් පොළොන්නරුව ජනතාවගේ හයිය තියෙනකං කොන්ද කෙලින් තියන් මම කතා කරනවා.

මේ රට දරුණු වළවල් දෙකට වැටිලා. හැම තැනම ප්‍රශ්න මිනිස්සුන්ට කන්න නෑ. හැම ශ්‍රේෂ්ත්‍රය ක්‍රම ගැටලු මතුවෙලා. කොහෙන් ඉවර වෙයිද දන්නෑ. රුසියාවේ යුද්දෙත් එක්ක තෙල් මිල දෙගුණයක් වෙන්න පුළුවන්. අපි ලොකු අමාරුවක වැටෙනවා.

ආණ්ඩුව මූලිකත්වය ගත යුතුයි සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්න. අපි කැමතියි ආණ්ඩුවට උදව් කරන්න. හැමෝම එකතු වෙලා රට ගොඩනගන්න ඕන. හැබැයි ආණ්ඩුව මූලිකත්වය ගන්න ඕනෙ. මගේ පාලන කාලෙත් සර්වපාක්ෂික කමිටුවක් හැදුවා. ප්‍රශ්න තියෙන කොට එහෙමයි රට පාලනය කරන්නේ. රටේ තියෙන ඇත්ත තත්ත්වය ජනතාවට තේරුම් කරලා දීලා හැමෝම එකතු වෙලා මේ රට හදන්න ඕනේ. බොරු කරලා සිද්ධ වෙන්නේ රට තවත් ප්‍රපාතයට යන එක විතරයි.

අද පොළොන්නරුවේ සංවර්ධනය නවත්තලා වකුගඩු රෝහල සුදු අලියෙක් වෙන්න වැඩ කරන්න කට්ටිය කතා කරලා, කච්චේරියක් පරිපාලන ගොඩනැගිල්ලක් එකම තැන, ත්‍රෛභාෂා පාසල ඉබි ගමනින් යන්නේ. මේ ඔක්කොම මම ආණ්ඩුව විවේචනය කරන නිසා පොළොන්නරුවේ වැඩ නවත්තලා. කාගෙන්ද පළි ගන්න හදන්නේ.

මේ සියලු දේම ජාතික දේපල මෙම වගේ ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට වකුගඩු රෝහලට අධ්‍යක්ෂකවරයෙක් පත් කරන්නෙත් නෑ. එක වෙලේ සිය දෙනෙකුට ප්‍රතිකාර ලබන්න පුළුවන් වකුගඩු රෝහල දවසට විසි දෙකකටයි ප්‍රතිකාර කරන්න. කාවද මේ තලා පෙලා දමන්නේ. මම නෙවෙයි මේ රටේ අසරණ ජනතාව.

අපි සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර පොදු එකගතාවකට ඇවිල්ලා පුළුල් සන්ධානයක් හදනවා. ඒ සන්ධානය හරහා මෙරට ආණ්ඩු බලය අතට ගන්නවා. පොදු වැඩපිළිවෙළක් යටතේ මේ රට ගොඩනඟනවාට තිබෙන ජාත්‍යන්තර සහයෝගය මේ රට වෙනුවෙන් නැවතත් ලබාගන්නවා.

අපිට මේ රට ගොඩනගන්න පුළුවන් පොදු වැඩපිළිවෙළක් යටතේ. ජනතාව කියනවා දැන් ගොඩක් අමාරුයි කවුරු මොනවා කිව්වත් මම බාර දුන්න රට අද නෑ. මිනිස්සු කාලා ඇඳලා නිදහසේ ජීවත් වුණා ඒක හැමෝම අද මට හමු වුණාහම කියනවා. ඇත්තටම ජනතාව අද දුක් විඳිනවා මීට වඩා සංවේදී විය යුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස