ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් වත්මන් රජය ම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
මහින්දානන්ද අලුත්ගමගේ ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (20) දින නාවලපිටිය පදනම් කාර්යාලයේ දී අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ බලය ලබාගෙන වසර දෙකක් යනතුරු කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත්, එම කාලය තුල රටේ ජනතාවට පොරොන්දු වු දේ ඉටු කිරිමට නොහැකි වුවත් ඉදිරි වසර තුනක කාලයේදි එම පොරොන්දු ඉටු කිරිමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පියවර ගන්නා බවත්ය.
රජය පිළිබඳ කිසිදු අයෙකු සැකයක් තබාගත යුතු නොමැති බවත්, ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් මේ රට පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු රජය බවත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.