අර්බුදය ගැන ජනපතිට කිසිදු අවබෝධයක් නෑ…! දැන්වත් රට අපට භාර දෙන්න…! – කිරිඇල්ල…

March 17, 2022 at 12:12 pm | by emanisa.lk

රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

රට තව දුරටත් විනාශ නොකර තමන් කැමති කණ්ඩායමකට රට භාරදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් රටේ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකළ බවත් ඒ සඳහා කිසිඳු විසඳුමක් ඉදිරිපත් නොවූ බවත් කිරිඇල්ල කීවේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් බව යළි යළිත් තහවුරු කිරීම පමණක් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වූ බවයි, ඔහු තව දුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *