මේ වසරේ මුල් දින 65 තුළ සංචාරකයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පැමිණ තිබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ජනවාරි 01 වැනිදා සිට මාර්තු 06 දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජනවාරි මාසයේ දී සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් ගණන 96,507කි. මාර්තු මස මුල් දින 06 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 21,964කි. මෙරටට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාව, ජර්මනිය, ඉන්දියාව යන රටවල්වලිනි.
එසේ ම නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බවත් පැවසූ ඇමැතිවරයා ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ද මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මේ වසරේ දෙවන කාර්තුවේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක් ඒ වෙනුවෙන් යෙදවීමට කටයුතු යොදා තිබේ.