මේ වන විට පාන් ගෙඩියක මිල රු. 120 දක්වා ඉහළ දැමීමට කටයුතු කරමින් ඇතැයි ද ජනතාව පාන් කාලක් කෑමට නොහැකි තැනට පත්ව ඇතැයි ද සමගි ජන බලවේගය පවසයි.
අද (11) පාර්ලිමේන්තුට රෝස් පාන් ගෙඩියක් රැගෙන ආ එම පක්ෂයේ නලීන් බණ්ඩාර ප්‍රකාශ කළේ තමා පාන් කාලක් රැගෙන ආ බවයි.
මේ ගොබ්බ ආණ්ඩුවට රටේ ආර්ථිකය පාලනය කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.
මොළ හතක් ඇතැයි කියා ගෙන ආ බැසිල් රාජපක්ෂට මොළ අළුක්කාලක් නැති බව ද ඔහුට ආර්ථිකය හැසිරවිය නොහැකි බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.