පොහොට්ටුවේ ආකර්ෂණීයතම දේශපාලනඥයා විමල්….! රාජපක්ෂලා බැබළෙන්නෙත් විමල් නිසායි…! – රාජිත…

February 18, 2021 at 12:05 pm | by emanisa.lk

පොදුජන පෙරමුණේ මොළකරු බැසිල් රාජපක්ෂ බවත් රාජපක්ෂ පවුලේ අන්තවාදී නොවන එක ම පුද්ගලයා බවත් රට හදන සැලසුම ඇත්තේ ඔහු සතුව බවත් දොස්තර රාජිත සේනාරත්න පෙන්වා දෙයි.

එකල ශිෂ්‍ය සටන් ව්‍යාපාරයෙහි තමා දියත් කළ සටන් සැලසුම් කළ මහා මොළකරු බැසිල් බව කීමට තමන් මැළි නොවන බව ද ඔහු සඳහන් කළේ ය. පොහොට්ටුව නිර්මාණය කර ආණ්ඩුවක් හැදුවේ ද ඔහුගේ සැලසුම් අනුව බව රාජිත පෙන්වා දෙයි.

කෙසේ වුවද පොහොට්ටු කඳවුරේ ආකර්ෂණීයම දේශපාලන චරිතය ඇමැති විමල් වීරවංශ බව දොස්තර රාජිත සේනාරත්න පෙන්වා දෙයි. රාජපක්ෂවරුන් ජනතාවට ආකර්ෂණය කරන්නේ ද විමල් වීරවංශ බව ඔහු වැඩි දුරටත් පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස