ඉතිහාසයේ වැඩි ම තෙල් මිල නැංවීම…! ලංකා IOC ඩීසල් රු. 75කින් සහ පෙට්‍රල් රු. 50කින්…!

March 11, 2022 at 6:24 am | by emanisa.lk

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC තෙල් මිල ඉහළ නංවා ඇත.

ඒ අනුව ඩීසල් ලිටරයක් රුපියල් 75කින් ද පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ද ඉහළ දැමේ.

එය ඉතිහාසයේ එක වර වැඩා ම මුදලකින් තෙල් මිල ඉහළ නංවූ අවස්ථාවයි.

සති කිහිපයන් ඇතුළත IOC තෙල් මිල තෙවරක් වැඩි වුව ද සිපෙට්කො ඉන්ධන මිල මෙතෙක් ඉහළ නංවා නොමැත.

මේ නිසා සිපෙට්කො ඉන්ධන ඉල්ලුම තවත් ඉහළ යනු ඇති අතර අඩු මිලට ඉන්ධන අලෙවි කිරීම නිසා ලබන අලාභය තවත් ඉහළ යනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *