අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කිරි සහ ආශ්රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, දොඩම්, අලිගැටපේර, මාළු වර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.