මන්ත්‍රීවරු විශාල පිරිසක් විපක්ෂයට ගෙන ගොස් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කරනවාට වඩා මෙම අවස්ථාවේ කළ යුත්තේ රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගලවා ගැනීමට සහය වීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි.
එසේ වුවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ආරම්භ කළ වැඩපිළිවෙළ සමඟ ශ්‍රී.ල.නි.පය ඉදිරියටත් කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත්කිරීම ගැන පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපතිවරයා හමුවේ කනගාටුව පළ කළ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (8) පැවැති හමුවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ කන ගාටුව පළ කළ බවත්, එහි දී ජනාධිපතිවරයා එම ඉවත්කිරීමට හේතු වූ කරුණු ඉදිරිපත් කළ බවත් ශාන්ත බණ්ඩාර කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (9) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.