හරිමග ගියේ ආරාධනා කළ නිසයි..! විමල් උදය එළියට දැම්මට අපි ආණ්ඩුවෙන් යන්නෑ..! – ශ්‍රීලනිපය…

March 6, 2022 at 6:51 pm | by emanisa.lk

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කැබිනට් ඇමැති ධුර ඉවත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් පක්ෂ නායකයින් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බවත් ඊට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන නැති බවත් එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

“මුළු රට ම හරිමගට” දස වැදෑරුම් යෝජනාවලිය එළිදැක්වීමේ උත්සවයට ශ්‍රීලනිපය සහභාගී වූයේ ලද ආරාධනාවක් මත බවත් එහි සංවිධාන කටයුතුවලට තම පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නැති බවත් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ ය.

තම පක්ෂයේ අරමුණ ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි කිරීම යැයි ද ඔහු වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *