දූෂිත ආණ්ඩුවට රට ගොඩගන්න බෑ…! කොල්ලෑ කෑ ඩොලර් ගෙනැත් රට නංවනවා…!

March 7, 2022 at 6:09 pm | by emanisa.lk

සෑම අතින්ම කඩා වැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි බවත්, එහෙත් ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව වෙනුවට දේශපාලනඥයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තිරසාර නිශ්චිත සත්‍යවාදී වැඩපිළිවෙළක් තුලින් රට ගොඩනැඟිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ලෝකය සමග ප්‍රශස්ත ලෙස ගනුදෙනු කළ යුතු බව ද අවධාරණය කළේ ය.

ඉතිහාසයේ කිසි දිනක විපක්ෂයකට රාජතාන්ත්‍රික මට්ටමින් රටවල් ආධාර කොට නැති බව පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය එය වෙනස් කළ බව ද හෙළි කළේ ය.

අනාගත රට ගොඩනැගීම වෙනුවෙන් ක්‍රමවත් විධිමත් සැලැස්මක් සමගි ජන බලවේගය සතු බව පැවසූ හෙතෙම දූෂණයෙන් වංචාවෙන් සහ අල්ලසෙන් පිරුණු වර්තමාන ආණ්ඩුවට මේ රට ගොඩනැඟිය නොහැකි බව සහතික යැයි ද පැවසීය.

මේ රටේ මහජන මුදල් කොල්ල කන ලද ඩොලර් සංචිත ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා දිනා ගැනීම වහාම කළ යුතු යැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *