දේශද්‍රෝහී ආණ්ඩුව පළවා හරින නොනවතින අරගලය පටන් ගන්නවා…! – මුජිබර් රහුමාන්….

March 4, 2022 at 8:27 pm | by emanisa.lk

දේශද්‍රෝහී ජන පීඩක ආණ්ඩුවට එරෙහි දැවැන්ත නොනවතින විරෝධතාවක් කොළඹ නගරයෙන් ආරම්භ කරන බව මුජිබර් රහුමාන් පවසයි.

සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පවසන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මාර්තු 15 වෙනිදා කොළඹින් ආරම්භ කරන එම විරෝධතාව සඳහා ගොවි, කම්කරු, ධීවර ආදී සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාව ඒකාරාශී කරගන්නා බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ දකුණු ආසියාවේ සියලු ම රටවල් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට ආර්ථිකය හැසිර වුව ද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු දෙකක් තිස්සේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළ බවට ඔහු චෝදනා කළේ ය.

රටේ කිසිදු ප්‍රශ්නයක් නැතැයි ඒත්තු ගැන්වීම සඳහා ප්‍රශ්න ගැන කතා කළ ඇමැතිවරු දෙදෙනෙකු පන්නා දමා ඇති බවත් මේ ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන පිපිරීම් මාලාවක ආරම්භය පමණක් බවත් මුජිබර් රහුමාන් අවධාරණය කළේ ය.

විපක්ෂ නායක කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *