මාත් ඇමැති ධූරයෙන් නෙපනු..! ඇමැතිකමින් ඉල්ලා අස්වන්නේ් නෑ..! ඇමැතිකමේ වැඩ කරන්නෙත් නෑ..! – වාසු…

March 4, 2022 at 12:35 pm | by emanisa.lk

ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට සාධාරණය ඉටු වන තුරු තමා ඇමති ධුරයට අදාළ රාජකාරි ඉටු කිරීමෙන් වැළකී සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කැබිනට් රැස්වීම්වලට සහභාගිවීමෙන්ද වැළකී සිටින බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඇමති ධූරයට අදාළ රාජකාරි සිදු නොකරමින් වැටුප් ඇතුළු ඇමති වරප්‍රසාද ලබා ගැනීම අසාධාරණ නම් එම වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීමට ද සූදානම් බව ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *