චණ්ඩින්ගේ තර්ජනවලට මම බය නැහැ…! කැති පොලුකාරයෝ තනියම මෙල්ල කරනවා..! අභියෝග කළොත් පාරට පයින් යන්න වුණත් ලේස්තියි…! – සජිත්…

March 1, 2022 at 8:02 pm | by emanisa.lk

පිරිසක් කැති පොලු ගෙන තමාට තිස්සමහාරාමයට පැමිණීමට අයිතියක් නැතැයි තර්ජනය කළ බව දැනගන්න ලැබුණේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එම පිරිස හමු වූයේ නම් ආරක්ෂකයින් ද නොමැතිව තමන් ඊට මුහුණ දෙන්නේ කෙසේ දැයි පෙන්වන බව ඔහු අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, කිසිවෙකු අභියෝග කරන්නේ නම් පයින් මහ පාර දක්වා ඇවිදීමට වුවත් තමා සූදානම් බවයි.

එවිට බොහෝ දෙනාට සජිත් ප්‍රේමදාසගේ තරම දැනගත හැකි වනු ඇති බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට අද (01) එහි ගිය අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *