ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ රට පුරා ඇති ජනාධිපති මන්දිර සංචාරක අධිකාරිය යටතේ සංචාරක නිකේතන බවට පත්කරන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක පවසයි.
එසේ ම සියලු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප්, නිල නිවාස පහසුකම් අහෝසි කරන බවත් වාහන බලපත්ර වෙනුවට මන්ත්රී ධූරය අවසන් වූ පසු නැවත භාරදීමට රජයෙන් වාහනයක් ලබා දෙන බවත් ජවිපෙ නායකයා අවධාරණය කරයි.
අනුර දිසානායක වැඩි දුරටත් ප්රකාශ කළේ, විශ්රාම ගිය ජනාධිපතිවරුන්ට මන්දිර, වාහන සහ ආරක්ෂාව ලබා දීමට ජනතා මුදල් වැය නොකරන බවත් ජනාධිපතිවරයාට ජීවත් වීමට නොහැකි නම් සමාජ ආරක්ෂණ අරමුදලින් පොඩි පඩියක් පමණක් ලබා දෙන බවත් ය.