ලක්ෂ 80ක වාහනයක්..! බෝඩිගාර්ඩ්ලා 12ක්..! කොළඹින් ගෙයක්…! සියලු සැප අරන් අපි ගැන කිඹුල් කඳුලු හෙළනවා..! – ගමෙන් පටන් ගන්න ගිය විජිත රණවිරුවෙක් හොඳ හැටි කියයි…

February 27, 2022 at 7:06 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සියලු සැප සම්පත් භුක්ති විඳිමින් ජනතාව ගැන කිඹුල් කඳුලු හෙළන බවට හිටපු හමුදා සෙබළෙක් චෝදනා කරයි.

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහභාගී වූ ජන හමුවක දී එම සෙබළා පැවසුවේ විජිත හේරත්ගේ වාහනය 2015 ලක්ෂ 80ක් වූ බවයි. එහෙත් අවුරුදු 22ක් රට වෙනුවෙන් හමුදාවේ සේවය කළ තමන්ට ඇත්තේ මෝටර් සයිකලයක් පමණක් බව ද ඔහු සඳහන් කරයි.

තම පියා ජවිපෙ සාමාජිකයකු වූ හෙයින් තමන් ද එම පක්ෂයට ඡන්දය දුන් බවත් ජනාධිපතිවරයාගේ නිවාස 07ක් ගැන කතා කරන විජිත හේරත්ට ගම්පහ ගෙදරක් තිබිය දී කොළඹ නිල නිවසක් ද ලබා ගෙන ඇතැයි ද ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දොළොස්දෙනෙකු යොදවා ඇතැයි ද ඔහු පවසයි.

https://www.facebook.com/watch/?extid=CL-UNK-UNK-UNK-IOS_GK0T-GK1C&v=669201754218583

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *