අනුරට බිත්තර ගැහුවේ මම නම්, පාස්කු බෝම්බ ගැහුවේ අනුර ද? – සේනාධිපති…

February 23, 2022 at 8:48 am | by emanisa.lk

සිය සමාගමේ සේවකයින් දෙදෙනෙකු අනුර දිසානායකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ තමා දැන නොසිටි බව ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පවසයි.

දහස් ගණනක සේවය කරන තම ආයතනයේ සේවකයින් කරන සියලු කටයුතු සඳහා තමන්ට වගකිව නොහැකි බවත් ඔවුන් රාජකාරී කාලය තුළ යම් වරදක් සිදුකර ඇත්නම් තමා ඊට වගකියන බවත් හෙතෙම අවධාරණය කරයි.

එම ප්‍රහාරයට තමා වගකිව යුතු නම් එම නීතිය ජනතා විමුක්ති පෙරමුණට ද අදාළ බවත් ඔවුන්ගේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම්ගේ පුතුන් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමේ වගකීම එම පක්ෂය භාර ගත යුතු බව ද සේනාධිපති පෙන්වා දෙයි.

ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමින් නිශ්ශංක සේනාධිපති මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *