IPL ගිය මහීෂ් නිසා තමිල්නාඩුව ඇවිලෙයි…! මහීෂ් ඉවත් කරන්නැයි බලපෑම්…!

February 16, 2022 at 7:05 pm | by emanisa.lk

ඉන්දීය IPL තරඟාවලිය සඳහා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම යටතේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෝරා ගැනීම නිසා තමිල්නාඩුවේ දැඩි විරෝධයක් මතුව තිබේ.

එයට හේතුව මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකු වීම ය.

අවසාන යුද සමයේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ සංහාරයක නිරත වූ බවට චෝදනා කරමින් මෙම විරෝධතාව දියත් කර තිබේ.

ටැමිල් ගාර්ඩියන් වැනි මාධ්‍ය ද මෙම වාර්ගික විරෝධතාවට අනුබල දෙන ආකාරයක් දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *