තමන් ගොඩනැඟූ රට වර්තමාන ආණ්ඩුව විසින් විනාශ කර දමා ඇතැයි සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
ගමේ සෑම නිවසකම යතුරු පැදියක්, ත්‍රීරෝද රථයක්, මහේන්ද්‍ර කැබ් රථයක් සහ ජපන් වාහනයක් ඇති තත්ත්යට මේ රට දියුණු කළේ සිය පක්ෂය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඩොලර් නැති නිසා වරායේ කන්ටේනර් දහස් ගණනක් ගොඩගැසී ඇති බවත් හෙට අනිත්දා මේ රටේ ජනතාව බඩගින්නේ සහ බෙහෙත් ටික නොමැතිව මිය ඇදෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
අද වන විට රට අරාජික වී ඇති බවත් රටේ පාලනයක් නොමැති බවත් රංජිත් මද්දුමබණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
1977ට පසු මේ රටේ පෝලීම් යුගයක් ඇති කළේ වර්තමාන ආණ්ඩුව බවට ද ඔහු චෝදනා කළේ ය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී සජබ මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.