විදුලි ඉංජිනේරු මාෆියාව ජනපතිටත් කොකා පෙන්නයි..! මෙගාවො⁣ට් 40 සූර්ය බල විදුලියට ඉඩ නොදෙයි..!

February 15, 2022 at 11:39 pm | by emanisa.lk

පුනර්ජනනීය බලශක්තිය මගින් නිපදවන මෙගාවොට් 40 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවරුන් ද වගකිව යුතු බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

බරපතල විදුලි අර්බුදයකට රට මුහුණ දී සිටින අවස්ථාවක මෙගාවොට් 40 ක් යනු සැලකිය යුතු ධාරිතාවක් බවත් සූර්ය බලයෙන් නිපදවන මෙම විදුලි ධාරිතාව ජාතික පද්ධතියට සම්බන්ධ කරන්නේ නම් එය විදුලි අර්බුදයට යම් විසඳුමක් වනු ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයා පවා උපදෙස් ලබා දී තිබියදී විදුලිබල මණ්ඩලයේ පවතින නිළධාරීවාදය හා අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් තවමත් අධික පිරිවැයක් සහිත විදුලි ප්‍රභවයන් භාවිත කිරීමට සිදුව ඇති බවට ද ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *