රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බව රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය පවසයි.
කෙසේ වුව ද සෙසු වෘත්තීය සමිති අඛණ්ඩව වැඩ වර්ජනයෙහි නිරත වන බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරියේ දී නීති උපදෙස් අනුව අධිකරණයට ගොස් වාරණ නියෝගය ඉවත් කරගෙන සිය වෘත්තීය සමිති ක්රියාමාර්ගය දිගට ම කර ගෙන යාමට සූදානම් බවත් සමන් රත්නප්රිය අවධාරණය කරයි.