බෙහෙත් නොදී දෙවියන්ට යාඥා කරලා..! රෝගී දරුවා නිවසේ ම මරුට…!

February 10, 2022 at 3:27 pm | by emanisa.lk

කලක් තිස්සේ සෙම රෝගී තත්ත්වයකින් පෙළුණු දස හැවිරිදි දරුවකුට නිසි ප්‍රතිකාර ලබා නොදී යාඥා කරමින් සිටිය දී නිවසේ දී ම මරණයට පත්වීමේ සිද්ධියක් කටානින් වාර්තා වෙයි.

අදාළ මරණයට සැකපිට එම දරුවාගේ මව පියා හා මිත්තනිය අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කටාන, ආඩිමුල්ල ලිපිනයේ පදිංචිව සිටි කච්චි ආරච්ච්ගේ දොන් මලීෂ දුලක්ෂණ නැමැති පිරිමි දරුවෙකි.

කලක් තිස්සේ රෝගී තත්ත්වයේ පෙළුණු දරුවාට ළමා රෝහලේ දී ද ප්‍රතිකාර ලබා දී ඇති බවත් මාස පහක පමණ කාලයක සිට දරුවාගේ ‍මාපියන් වෙන්නප්පුව ප්‍රදේශයේ පිරිසක් හා එක්ව ආගමික කටයුතුවල යෙදෙමින් දරුවාගේ රෝගය සඳහා යාඥා කර ඇති බවත් හෙලි වී ඇත.

මෙම දරුවා ඉකුත් .07 වන දින අලුයම 04.20ට පමණ මිය ගොස් ඇති අතර මිය යන විට දරුවාට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබී ඇතැයි පොලිසිය හෙලිකරගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *