වරායේ මාස ගණනාවක් හිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් අද මුදාහැරියේය.
ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ එම කන්ටේනර් මුදාහැරිමත් සමග වරායේ සිට ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත රැගෙනවිත් නිදහස් කළ බව ද වරාය අධිකාරිය කියයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් එම කන්ටේනර් පැමිණිමත් සමග කිලෝමීටර් එකහමාරක්ට අධික දුරක් යනතුරු පෝලිමට නතර කර තිබෙනු දැකගත හැකි විය.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොට වරායෙන් නිදහස් කරන්නැයි ජනපතිවරයා ඉකුත් දා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.