ලංකා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කුලපතිකම වෙනුවෙන් ආණ්ඩුවට කඩේ යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ඒ නිසා සෞඛ්‍ය වෘත්තීය සමිති දියත් කර ඇති වර්ජනය කඩාකප්පල් කිරීමට එහිමියන් කටයුතු කරමින් ඇති බවට ද රවී කුමුදේශ් චෝදනා කරයි.
මෙලෙස සිය වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් අභයාරාමය වටලන බවට ද අනතුරු ඇඟවූයේ ය.