ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයට කොවිඩ් වසංගතයේ බලපෑමක් නැතැයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
කොවිඩ් නිසා රටේ නිෂ්පාදනය කඩා වැටෙන විට සංචාරක කර්මාන්තය බිඳ වැටෙන විට විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ අහිමි වන විට රටේ ආර්ථිකය කඩා වැටෙන බව ඕනෑ ම පොඩි එකෙකු දන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
තමන් ඇතුළු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඒ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දී ද පැවසූ බව ද හෙතෙම පැවසීය.
විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබා දීමට නොහැකි බව පැවසීමට බලශක්ති අමාත්‍යවරයෙකු අවශ්‍ය නැති බව ද කී ඔහු අදාළ අමාත්‍යවරුන් එහි වගකීම දැරිය යුතු බව ද කියා සිටියේය.