යෝගට් එක රු. 50ට විකුණලත් කිසි ලාභයක් නෑ..! රු. 60ක්වත් කරන්න ඕන…!

February 6, 2022 at 12:43 pm | by emanisa.lk

ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඉදිරියේ දී යෝගට් එකක මිල රුපියල් 55 ක් හෝ 60 ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත පවසයි.

ඩොලර් හිඟ නිසා අමුද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යෑම නිසා 2020 වසරේ රුපියල් 30ක් වූ යෝගට් එකක් මේ වන විට රුපියල් 50 ක් දක්වා ඉහළ දමා තිබුණ ද නිෂ්පාදකයාට ලාභයක් නොමැති බව කී මංජුල නිශාන්ත, යෝගට් කර්මාන්තයට කිරි අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල අධික වීම දැඩි බලපෑමක් කර ඇති බව ද සඳහන් කළේය.

එම ගැටලුවට රජය මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *